නියමයන් හා කොන්දේසි
- මෙම ලියාපදිංචිය ONETEAM SOCIAL SERVICES (PLC) LTD මගින් සිදු කරන දරුවන්ගේ අනාගත අද්‍යාපනය සුරක්ශිත කිරීමේ වැඩසටහනේ දරුවා වෙනුවෙන් උපයන තැනැත්තා මුදල් ඉපයීමට නොහැකි ලෙස “ පූර්ණ ආබාදිත තත්වයට හෝ මරනයට පත් උවහොත් ” දරුවාගේ ඉදිරි අද්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය වන පොත් දරුවාගේ පාසල් අද්‍යාපනය අවසන් වනතුරුම නොමිලේ දරුවා වෙත ලබදීම පමනක් මේ මගින් සිදු කරනු ලැබේ. දරුවන් කීපදෙනෙක් සිටිනා විට ඒම දරුවන් වෙනුවෙන් වෙන වෙනම සාමාජිකත්වය ලබාගත යුතුය.
- මේ සඳහා අප ආයතනය තුල ( ONETEAM SOCIAL SERVICES (PLC) LTD ආයතනික සුභසාදක සමිතියෙහි ) ලියාදපදිංචි වී සිටීම අනිවාර්‍ය වේ.
- මාසිකව රු.500 , රු.1000 හෝ රු.2000 ලෙස එකම අගයක් ගෙවීම් කල යුතුය . ( ඕනෑම අවස්තාවක මෙම මුදල් ආපසු ලබාගැනීමේ හැකියාව පවතී )
- මෙම වැඩසටහන සඳහා දරුවා වෙනුවෙන් අවම වසර දෙකක් පොත් කට්ටල ලබාගෙන තිබිය යුතුයි. මාස 06 කට වඩා එක දිගට ගෙවීම් සිදු කර ඇති විට සාමාජිකයාට සිදුවන හදිසි අභවයක් / පූර්ණ එක්තැන් වීමකදී දරුවන් වෙනුවෙන් නොමිලේ පොත් ලබාදීමට සලකා බලනු ලැබේ. ( ලියාපදිංචි වීමට පෙර පවතින රෝගී තත්වයන් සඳහා වසර තුනක කාලයක් ගතවිය යුතුය )
- අප සමග ලියාපදිංචි වන තැනැත්තා පමනක් මේ යටතේ ආවරණය වේ. ලියාපදිංචිය ලබා ගත් තැනැත්තා හැර වෙනත් තෙවැනි පාර්ශවයේ අයෙකුට සිදුවන පූර්ණ ආබාදිත තත්ව හෝ මරණයන් සඳහා දරුවන් වෙත නොමිලේ පොත් ලබා දීම සඳහා මෙය කිසි සේත් වලංගු වන්නෙ නැත.
- නමුත් එවැනි තෙවෙනි පාර්ශවයක් සඳහා වන පූර්ණ ආබාද තත්වයන් සඳහා වන ඉල්ලීමක් ඇතොත් ONETEAM SOCIAL SERVICES (PLC) ආයතනය විසින් පරීක්ශා කර බලා යම් සහනයක් ලබා දීමට තීරණය කිරීමේ බලය ඇත. හිමිකමක් නොමැත.
- යම් අයෙකු විසින් අවසන් ගෙවීමේ සිට මාස දෙකකට වැඩි කාලයක් මුදල් ගෙවීම අතපසු කර ඇත්නම් මෙම නොමිලේ පොත් සහ පාසල් උපකරන ලබාදීමේ වැඩසටහන සඳහා සුදුසුකම් නොලබයි. ආසන්නම වසර 02 ක කාලයක් අඛන්ඩව වාරික ගෙවා වාර්ශික පොත් ලයිස්තුව අපගෙන් මිලදී ගෙන ඇත්නම් පමනක් මෙය සලකා බලනු ලැබේ. ONETEAM SOCIAL SERVICES (PLC) LTD හි තීරනය අවසන් තීරනය වේ
- සෑම අද්‍යාපන වර්ශයකටම අදාල පොත්පත් සහ උපකරන 20% හෝ “ ඒම කාල වලට සහ වෙළඳ නාම වලට අදාල වට්ටම් ” සහිතව ඔබ විසින් මාසිකව ගෙවා නිම කල මුදල් අගයෙන් වලට අදාලව ලබාගත හැක. ඔබ විසින් මාසිකව ගෙවා ONETEAM SOCIAL SERVICES (PLC) LTD ආයතනය වෙත ලබා දී ඇති සම්පූර්ණ මුදලම එම පොත් සහ පාසල් උපකරන මිලදීගැනීමට ලබාගත හැක.
- ඔබ ගෙවා ඇති මුදලට වඩා පොත් ලයිස්තුවේ මිල වැඩි වේනම් එම මිල ඔබ ඒ මොහොතේ ගෙවා ලබා ගත හැක.
- ඔබ ගෙවා ඇති මුදල පොත් ලයිස්තුවට වඩා අඩු අගයක් ගනී නම් ඉතිරි මුදල් ලබාගැනීම / ඉදිරි වර්ශය වෙත එම මුදල් ගෙන යාම සිදු කල හැක.
- ඔබගේ මාසික ගෙවීම් සටහන් තැබීම
- ඔබ මාසිකව අප වෙත ගෙවන මුදල් සටහන් පොතක සටහන් කරන ඔබට ලබාදේ. අප අන්තර්ජාල පිටුවක් තුල සටහන් කරනු ලැබේ. ඉදිරියේදී, ඔබගේ ගෙවීම් ලැබුන පසු WhatsaApp හෝ SMS සේවාව හරහා ඔබගේ මුදල් එකතුව ලැබෙනු ඇතී. ආයතන ලේඛනයේ ඔබ අනිවාර්‍යෙන් මුදල් ගෙවා අත්සන් තැබිය යුතුය.
- මාසික ගෙවීම් කර පොත් ලබාගැමනීම දින 02 කට පෙර දැනුම් දීමක් සිදු කර ඔබ ගෙවා ඇති “ඉතිරි මුදල් සියල්ල” ඕනෑම මොහොතක ආපසු ලබාගත හැක.
- ඔබගේ හදිසි අවශ්‍යතාවක් මත මෙම මුදල් ගැනීමේදී ඔබට ලබාදී ඇති මුදල් සටහන් ලේචනය අනිවාර්‍යෙන් ඉදිරිපත් කල යුතුය.
- ඔබ අප වෙත මාසිකව ගෙවන මුදල් සඳහා කිසිදු පොලී මුදලක් එක් නොවේ.
අයදුම්පත පිරවිමීදී
එක දරුවෙකුට එක් අයදුම්පතක් පිරවිය යුතුය .මෙම දරුවන්ගේ තොරතුරු සත්‍ය තොරතුරු පමණක් ඇතුලත් කරන්න.දෙමාපියන් හෝ භාරකරු පිළිබද නිවැරදි තොරතුරු ලබාදෙන්න. හැරගොස් හෝ මියගිය දෙමාපියන් ඇත්නම් ඒ පිලිබදව සටහන් කරන්න . කිසිදු දේශපාලනයක් මෙයට අදාල නොවේ,
අයදුම්පත් ප්‍රතික්ෂේප වීම
වැරදි තොරතුර සහිත වීම , හෝ අඩුපාඩු සහිතව යොමුකළ අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. ONETEAM SOCIAL SERVICES (PLC) LTD අප විසින් ගනු ලබන තීරණ අවසන් තීරණයක් වන බව සලකන්න.
____________________________________________________________________________________________________________________
නියමයන් හා හොන්දේසි යාවත්කාලීන් වීම් සඳහා අපගෙ වෙබ් අඩවියෙහි පිටුවට පිවිසෙන්න https://www.oneteam.lk/shop/program
=======================================================================================================
ඉහත සඳහන් කොන්දේසි හා නියමයන් සියල්ල නිසි ආකාරයෙන් කියවා තේරුම් ගත්තෙමි. එමෙන්ම යම් කොන්දේසියක් ONETEAM SOCIAL SERVICES (PLC) LTD විසින් ඉදිරියේ දී වෙනස් කිරීමක් උවහොත් ඒ බව වෙබ් අඩවිය හරහා හෝ ආයතනයේ ප්‍රදර්ශනය කර ඇති ලේඛනය මගින් මා හට දැනුවත් වීමට හැකියාව පවතින බවත් “ මා විසින් ගෙවා ඇති ඉතිරි මුදල් සඳහා පමනක් ” ආයතනය වගකීම දරන බව මා තේරුම් ගෙන ඇති බව මෙන්ම මෙහි කිසිදු ගැටලුකාරී දෙයක් ඇති කිරීමට මා කිසි සේත් උත්සාහ නොකරන අබවත් සහතික කරමි. SMS සහ WhatsApp පණිවිඩ ලබා ගැනීමට කැමැත්ත පලකරමි .